NeuralPress

NeuralPress AI Verified Insights

Vetted by NeuralPress's Multi-Agent Verifier for strict factual validity and event relevance. Our compliance engine cross-checks and filters search results to ensure zero false correlations or misleading content.

Tourism Revenue Targets 2030

Comparison between government projections and industry proposals for 2030 revenue.

Primary Sources

divaina.lk
2030 බිලියන 10ක සංචාරක ආදායමක් හොයන්න ගමනාන්ත අලෙවිකරණයට ඩොලර් මිලියන ...

වර්ෂ 2030 වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 10 ක සංචාරක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීම සඳහා ලබන වසරේ (2027) සිට ශ්‍රී ලංකාව ගමනාන්ත අලෙවිකරණය සඳහා වාර්ෂිකව අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 50ක් ආයෝජනය කළ යුතු බවට ශ්‍රී ලංකා හෝටල් සංගමය රජයට යෝජනා කර ඇත.මේ ගැන අදහස් දක්වමින් ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති අසෝක හෙට්ටිගොඩ මහතා පවසන්නේ 2030 වසර වනවිට මෙරට සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10ක් දක්වා වර්ධනය කරගත හැකි බවට තම සංගමය රජයට යෝජනා කරන බවයි.ඒ සඳහා ශ්‍රී ලංකාව ගමනාන්ත අලෙවිකරණය සඳහා 2027 සිට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් අවම වශයෙන් ආයෝජනය කළ යුතු බවත්, එසේම සංචාරක ප්‍රවර්ධනයන් සිදු කිරීමේ දී අපගේ වෙරළ තීරයන්, සංස්කෘතිය, වනජීවීන් සහ තේ වැනි දේට පමණක් නොව නව සංචාරක අත්දැකීම් පිරිනැමීම කෙරෙහි අවධානය යොමුකළ යුතු බව ද ඔහු පෙන්වා දෙයි.2030 වන විට සංචාරක ඉපැයීම්වලින් ඇමරිකානු ඩොලර් බිලියන 8 ක ඉලක්කයක් රජය විසින් තබා ඇත. ඒකාබද්ධ කර්මාන්ත උත්සාහයක්, උපායමාර්ගික අලෙවිකරණය සහ වේගවත් යටිතල පහසුකම් සංවර්ධනයක් සමඟින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ඉන් ඔබ්බට යා හැකි බව ශ්‍රී ලංකා හෝටල් සංගමය බලවත් විශ්වාසය බව ද එම සංගමයේ සහාපති අසෝක හෙට්ටිගොඩ මහතා අවධාරණය කරයි.මේ ඉලක්කයට ගමන් කිරීම සඳහා වාර්ෂික සංචාරක පැමිණීම මිලියන 5 ඉක්මවමින් එහි වාර්ෂික වර්ධනය සියයට 20ක් පවත්වා ගැනීම සහ ඉහළ වටිනාකමක් ඇති අව්‍යාජ සංචාරක අත්දැකීම් මගින් එක් රාත්‍රියකට වියදම් කිරීමේ වටිනාකමේ සියයට 30 ක වර්ධනයක් අත්පත් කර ගැනීම අවශ්‍ය බවද ඔහු කියයි.අප කිසිවක් නොකර සිටියහොත් ගිය වසරේ (2025) ලැබුණු සංචාරක ආදායමවත් මේ වසරේ (2026) දී උපයාගත නොහැකි වනු ඇති බවද, මේ වන විට සංචාරකයන්ගේ පැමිණීම්වල සහ සංචාරක ඉපැයීම් අතර පුළුල් වන පරතරය අවධානය යොමු කළ යුතු කරුණක් බවද ඔහු තවදුරටත් පවසයි.ශ්‍යාම් නුවන් ගනේවත්ත

divaina.lk
lankadeepa.lk
ඇඟලු‍ම් ක්ෂේත්‍රයේ වෙළෙඳ ගිවිසුම්: ලංකාවට වියට්නාමයෙන් උගත හැකි පාඩම්

මුල් පිටුව / ව්‍යාපාරික විත්ති / ඇඟලු‍ම් ක්ෂේත්‍රයේ වෙළෙඳ ගිවිසුම්: ලංකාවට වියට්නාමයෙන් උගත හැකි පාඩම්.. ඇඟලු‍ම් ක්ෂේත්‍රයේ වෙළෙඳ ගිවිසුම්: ලංකාවට වියට්නාමයෙන් උගත හැකි පාඩම් 2026 මැයි 15 | පෙ.ව. 10:51 ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය විසිනි පසුගිය වසර පහළොවක කාලය තුළ, විශේෂයෙන්ම ඇඟලු‍ම් ක්ෂේත්‍රයේ කාර්මික වර්ධනය උදෙසා වෙළෙඳ ප්‍රතිපත්තියක් කෙතරම් ප්‍රබල මෙවලමක් විය හැකිද යන්න පෙන්වා දෙන ප්‍රමුඛ උදාහරණයක් ලෙස වියට්නාමය ඉස්මතු කර පෙන්වා දිය හැක. මෙම පරිවර්තනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ නිදහස් වෙළෙඳ ගිවිසුම් (FTAs), අපනයන කේන්ද්‍රීය නිෂ්පාදනය සහ ගෝලීය අගය දාමයන්ට සාර්ථකව ඒකාබද්ධ වීම යන කරුණු කෙරෙහි වියට්නාමය දක්වා ඇති උපායමාර්ගික අවධානයයි. වියට්නාමයේ මෙම අත්දැකීමෙන් ශ්‍රී ලංකාවට වටිනා පාඩම් ලබාගත හැකි අතර, ඒවා ශ්‍රී ලංකාවේ ආර්ථික, කාර්මික සහ වෙළෙඳ පරිසරයට ගැළපෙන ලෙස සකස් කරගැනීම වැදගත් වේ. වියට්නාමයේ ප්‍රගතිය ශ්‍රී ලංකාවේ වර්තමාන වෙළෙඳ පැතිකඩ සමග සැසඳීමේදී තවදුරටත් පැහැදිලි වේ. පසුගිය දශක කිහිපය තුළ වියට්නාමය වෙළෙඳ ප්‍රතිපත්තිය හුදෙක් ආර්ථික කළමනාකරණ මෙවලමක් ලෙස නොව, සැලසුම්ගත වර්ධන උපායමාර්ගයක් ලෙස භාවිත කර ඇත. ඒ අනුව, ආර්ථිකයන් 60ක් පමණ ආවරණය කරන ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික නිදහස් වෙළෙඳ ගිවිසුම් 19ක් ක්‍රියාත්මක කිරීමට වියට්නාමය සමත් වී ඇත. මෙම ක්‍රියාමාර්ග වියට්නාමයේ වෙළෙඳ විවෘතභාවය 1988 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 19ක් වූ මට්ටමෙන් 2022 වන විට සියයට 184 දක්වා ඉහළ නැංවීමට දායක වී ඇත. වෙළෙඳ විවෘතභාවය යනු රටක ජාත්‍යන්තර වෙළෙඳාමේ වටිනාකම එරට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස මැනීමයි. සාමාන්‍යයෙන් එම අනුපාතය වැඩි වීම, එම රට ගෝලීය වෙළෙඳපොළ සමග වඩාත් ශක්තිමත් ලෙස ඒකාබද්ධ වී ඇති බව පෙන්වයි. ඊට සාපේක්ෂව, ශ්‍රී ලංකාවේ වෙළෙඳ විවෘතභාවය සියයට 50 සිට සියයට 55 අතර මට්ටමක පවතින බව ඇස්තමේන්තු කර ඇත. මෙය ජාත්‍යන්තර වෙළෙඳාම ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ සාපේක්ෂව අඩු භූමිකාවක් ඉටුකරන බවත්, රටේ වර්ධන රටාව තවමත් වැඩි වශයෙන් අභ්‍යන්තර කේන්ද්‍රීය ස්වභාවයක් දරන බවත් පෙන්වා දෙයි. වියට්නාමයේ නිදහස් වෙළෙඳ ගිවිසුම් ජාලය තුළ Comprehensive and Progressive Agreement for Trans-Pacific Partnership (CPTPP), EU-Vietnam Free Trade Agreement (EVFTA), Regional Comprehensive Economic Partnership (RCEP) වැනි ප්‍රධාන ගිවිසුම් මෙන්ම, එක්සත් රාජධානිය, ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමිරේට්ස් වැනි වෙළෙඳපොළ සමග ඇති ද්විපාර්ශ්වික ගිවිසුම් ද ඇතුළත් වේ. මෙම ගිවිසුම් එකතුවෙන් වියට්නාමයට යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, ජපානය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, චීනය, දකුණු කොරියාව සහ ආසියානු රටවල් ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළවල් වෙත ප්‍රවේශය ලබා දී ඇති අතර, ඒවා ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයේ විශාල කොටසක් ආවරණය කරයි. මෙම පුළුල් වෙළෙඳපොළ ප්‍රවේශය වියට්නාමය විශ්වාසනීය ගෝලීය සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස තවදුරටත් ශක්තිමත් කර ඇත. එහි ප්‍ර...

lankadeepa.lk
facebook.com
Department of Government Information - Sri Lanka - Facebook

Department of Government Information - Sri Lanka. 390,478 likes · 52,809 talking about this. වගකීමක් සහිත තහවුරු කරන ලද පුවත් දැනගන්න

facebook.com
youtube.com
තේ කර්මාන්තයේ ප්‍රවර්ධනයට රජයෙන් අඛණ්ඩවම සහාය - YouTube

#ITNNews #ITN #ITNSriLanka #ITNDigitalITN News | The Official News Portal Of Independent Television Network Ltd© 2025 by Independent Television Network Ltd.A...

youtube.com