NeuralPress

NeuralPress AI Verified Insights

Vetted by NeuralPress's Multi-Agent Verifier for strict factual validity and event relevance. Our compliance engine cross-checks and filters search results to ensure zero false correlations or misleading content.

Primary Sources

ttvnews.lk
වසර 50කට පසු යළිත් හඳට යන ගමන අරඹමින් නාසා ආයතනයේ

අඩ සියවසකට අධික කාලයකට පසු මිනිසුන් සහිතව සඳ වටා ගමන් කිරීමේ ඓතිහාසික මෙහෙයුම අරඹමින් නාසා ආයතනයේ ‘ආටෙමිස් 2’ (Artemis II) අභ්‍යවකාශ යානය ඊයේ (01) සාර්ථකව ගුවන්ගත විය. ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කෙරුණු මෙම දැවැන්ත රොකට්ටුව මඟින් ඇමරිකානු ගගනගාමීන් තිදෙනෙකු සහ කැනේඩියානු ගගනගාමියෙකු සඳ බලා රැගෙන යනු ලබයි. වසර ගණනාවක ප්‍රමාදයකින් සහ දැවැන්ත පිරිවැයකින් පසු සාක්ෂාත් කරගත් මෙම ජයග්‍රහණය මුළු මහත් මානව සංහතියේම ජයග්‍රහණයක් බව ගගනගාමීන් ප්‍රකාශ කර සිටියහ. මෙම දස දින මෙහෙයුමේදී ගගනගාමීන් සඳ මත ගොඩබැසීමක් සිදු නොකරන අතර සඳ වටා පියාසර කරමින් නව රොකට්ටුවේ සහ යානයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමට නියමිතය. මෙම මෙහෙයුම විශේෂ වන්නේ ප්‍රථම වරට කාන්තාවක්, කළු ජාතිකයෙක් සහ ඇමරිකානු නොවන අයෙකු සඳ බලා යන මෙහෙයුමකට එක් කර ඇති බැවිනි. එමෙන්ම මීට පෙර කිසිදු මිනිසෙකු ගමන් නොකළ තරම් ඈත අභ්‍යවකාශයට මෙම කණ්ඩායම ගමන් කිරීමට නියමිතව තිබේ. මෙය 2028 වසරේදී සිදු කිරීමට සැලසුම් කර ඇති සඳ මත මිනිසුන් ගොඩබැස්වීමේ මෙහෙයුමට පියවරක් ලෙස සැලකේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ද මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය සුබපැතුම් එක් කර ඇති අතර අභ්‍යවකාශය තුළ ඇමරිකාවේ ආධිපත්‍යය යළිත් තහවුරු වී ඇති බව ඔහු පවසයි. මැදපෙරදිග යුදමය වාතාවරණයක් පවතින පසුබිමක වුවද, ඇමරිකාව මෙම අභ්‍යවකාශ මෙහෙයුම ජයග්‍රාහී ලෙස දියත් කිරීම ලෝකයේම අවධානයට ලක්ව ඇත. ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙම ඓතිහාසික ගුවන්ගත වීම සජීවීව නරඹමින් සිය ප්‍රීතිය පළ කර තිබේ. Post Views: 19

ttvnews.lk
gagana.lk
ආටිමිස් 2 ඔරායන් චන්ද්‍ර යානය අද සද වටා ගමන් කරයි

ගගනගාමීන් සිවුදෙනෙකු රැගත් චන්ද්‍ර මෙහෙයුමක නියැළී සිටින ආටිමිස් 2 ඔරායන් චන්ද්‍ර යානය අද (6) සඳ වටා ගමන් කරනු ඇතැයි නාසා ආයතනය සදහන් කර තිබේ. මෙම යානය සඳ වටා සඳුගේ ඈත කක්ෂයකට පිවිසෙමින් ඇත. ඒ වගේම ආටිමිස් 2 යනු සඳට ගොඩබාන මෙහෙයුමක් නොවන අතර, ගගනගාමීන් රැගත් යානය සඳ වටා ගොස් සඳුගේ අදුරු පැත්ත නිරීක්ෂණය කර ආපසු පෘථිවියට පැමිණීමට නියමිතව තිබේ. 2035 වසරෙන් පසු සඳට මිනිසුන් යැවීමට නාසා ආයතනය යළි අපේක්ෂා කරනු ලබයි තවද ඊට පෙර පුහුණු මෙහෙයුමක් ලෙස මෙම ආටිමිස් 2 ක්‍රියාත්මක වෙයි‍. උසස්පෙළ ප්‍රති­ඵල 100%ක් පෙන්නලා ළමයි 57න් 21ක් කැම්පස් යවපු අමු­ණෙ­ක­ඳුර ඉස්කෝලේ විදුහල්පති කියන කතාව මෙන්න මැද පෙරදිග යුද උණුසුම වැඩි කරමින් පාස්කු ඉරිදා ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් 11 ස් දෙනෙක් මිය ගිහින්

gagana.lk
newsbuwa.com
Artemis II: වසර 53කට පසු මිනිසා යළිත් සඳ ගවේෂණයට පිටත් වෙයි

වසර 53කට පසුව සඳ ගවේෂණ චාරිකාවක් සඳහා ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් "Artemis II " යානය සාර්ථකව ගමන් ආරම්භ කර තිබෙනවා.

newsbuwa.com
ttvnews.lk
නාසා ආයතනයේ ආටිමිස් 2 (Artemis II) ඔරායන් යානය අද සඳ වටා ගමන් කරයි

ගගනගාමීන් සිව්දෙනෙකු රැගත් නාසා ආයතනයේ 'ආටිමිස් 2' ඔරායන් චන්ද් ර යානය අද (06) සඳුගේ ඈත කක්ෂයකට පිවිසෙමින් සඳ වටා ගමන් කිරීමට නියමිත බව නාසා ආයතනය පවසයි ...

ttvnews.lk