NeuralPress

NeuralPress AI Verified Insights

Vetted by NeuralPress's Multi-Agent Verifier for strict factual validity and event relevance. Our compliance engine cross-checks and filters search results to ensure zero false correlations or misleading content.

People Affected by District

Comparison of the number of individuals affected across top districts.

Primary Sources

ttvnews.lk
දිවයින පුරා පවතින අයහපත් කාලගුණයෙන් පුද්ගලයන්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හයක් ආශ්‍රිතව පවුල් 6,907ක පුද්ගලයන් 1,192ක් මේ වන විට පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. මෙම කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ ප්‍රදේශයේදී හැට හතර හැවිරිදි පුද්ගලයෙකු ජල පහරකට හසුවී ජීවිතක්ෂයට පත්ව ඇති බව ද තහවුරු කර තිබේ. දරුණු කාලගුණය නිසා නිවාස දෙකක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස අටසිය හතකට අර්ධ හානි සිදුව ඇත. පීඩාවට පත් ජනතාව සඳහා එම ප්‍රදේශවල සුරක්ෂිත මධ්‍යස්ථාන දාහතක් පිහිටුවා ඇති අතර පවුල් තුන්සිය පනස් එකක් දැනට එම මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත. කළු ගඟ සහ අත්තනගලු ඔය ද්‍රෝණියේ පහත් බිම් ප්‍රදේශ සඳහා නිකුත් කර ඇති සුළු ගංවතුර අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මකව පවතී. අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ මාර්ග සහ දුම්රිය ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී තිබේ. මාතලේ දිස්ත්‍රික්කයේ ඩිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් රිවස්ටන් ප්‍රදේශයේ මාර්ග මේ වන විට සැහැල්ලු වාහන ගමනාගමනය සඳහා පමණක් විවෘත කර ඇත. මහනුවර දිස්ත්‍රික්කයේ උඩදෙල්තොට පාලම ගිලා බැසීම හේතුවෙන් මහනුවර සිට තලවතුගොඩ දක්වා මාර්ගය වසා දමා ඇති අතර මේ වන විට එම ස්ථානයේ තාවකාලික පාලමක් ඉදි කිරීමේ කටයුතු ප්‍රාදේශීය මාර්ග සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ මහනුවර දිස්ත්‍රික් ඒකකය විසින් සිදු කරමින් පවතී. රියදුරන් සඳහා අම්බලමන සහ බෙල්වුඩ් හන්දිය හරහා ගලහ නගරයට පිවිසෙන විකල්ප මාර්ගයක් හඳුන්වා දී ඇත. දුම්රිය මාර්ගයට අවහිරතා සිදුවීම හේතුවෙන් මන්නාරම සහ මැදවච්චිය අතර දුම්රිය ධාවනය අත්හිටුවා ඇති අතර උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සහ ඉහළකෝට්ටේ අතර දුම්රිය ධාවනයට බාධා සිදුවී ඇති නිසා දැනට දුම්රිය සේවාවන් ක්‍රියාත්මක වන්නේ ඉහළකෝට්ටේ සිට බදුල්ල දක්වා පමණි. Post Views: 6

ttvnews.lk
dasathalankanews.com
දිස්ත්‍රික්ක හතරකට බලපෑ අයහපත් කාලගුණයෙන් පුද්ගල ජිවිතයක් අහිමිවෙයි ...

පසුගිය දින දෙකේ දිවයිනේ දිස්ත්‍රික්ක හතරකට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එක් පුද්ගල මරණයක් වාර්තාවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රදේශයෙන් මෙම මරණය වාර්තා වන බවයි. දියේ ගසාගෙන යාම හේතුවෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 64ක පුද්ගලයෙක්. මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය රත්නපුර, ගම්පහ, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක හතරට බලපෑම් එල්ල කර තිබෙනවා. එම දිස්ත්‍රික්ක හතරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20ක පවුල් 1,966ක් අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. ඔබේ ප්‍රතිචාරය කුමක්ද ? +1 0 +1 0 +1 0 +1 0 +1 2 +1 0 +1 0

dasathalankanews.com
lankadaily.com
අයහපත් කාලගුණයෙන් පිඩාවට පත් පුද්ගලයින් ගණන 27,000කට අධිකයි

අයහපත් කාලගුණය හමුවේ දිවයින පුරා පුද්ගලයින් 27,000කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය විසින් අද (23) පස්වරුවේ නිකුත් කළ වාර්තාවක සඳහන් වෙනුයේ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මේ වන විට පවුල් 6,907කට අයත් පුද්ගලයින් 27,419ක් බලපෑමට ලක්ව ඇති බවය. ආපදාවෙන් දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 34ක් බලපෑමට ලක්ව ඇති අතර ආපදාවෙන් එක් පුද්ගල මරණයක්ද වාර්තා වී තිබේ. මේ අතර ආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස 02ක් වාර්තා වී ඇති අතර තවත් නිවාස 807ක් අර්ධ හානියකට ලක්ව ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

lankadaily.com
vinivida.lk
අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 28,000කට අධික පිරිසකට බලපෑම්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 28,000කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනුයේ ආපදාවෙන් පවුල් 7,482කට අයත් පුද්ගලයින් 28,933ක් බලපෑමට ලක්ව ඇති බවයි. මින් වැඩිම පිරිසක් බලපෑමට ලක්ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එහි පවුල් 3,950කට අයත් පුද්ගලයින් 15,313ක් පීඩාවට ලක්ව ඇති අතර එක් මරණයක්ද වාර්තා වේ. මීට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 1,219කට අයත් පුද්ගලයින් 4,265ක්, කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 1,051කට අයත් පුද්ගලයින් 4,566ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 1,204කට අයත් පුද්ගලයින් 4,558ක්, කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 34කට අයත් පුද්ගලයින් 141ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 20කට අයත් පුද්ගලයින් 80ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 09කට අයත් පුද්ගලයින් 7ක් සහ වව්නියාව දිස්ත්‍රික්කයේ එක් පවුලකට අයත් පුද්ගලයින් 03ක්ද කාලගුණික තත්ත්වය හමුවේ බලපෑමට ලක්ව තිබේ. මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ නිවාස හානි 02ක් සහ අර්ධ නිවාස හානි 836ක්ද වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ සඳහන් ව ඇත.ඉන් වැඩිම නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේද ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයේ පූර්ණ නිවාස හානි 02ක් සහ අර්ධ නිවාස හානි 530ක් වාර්තා වී ඇති බවද අදාළ වාර්තාවේ සඳහන්ව තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ දිවයින පුරා දිස්ත්‍රික්ක 08කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 34කින් මෙම අගයන් වාර්තා වී ඇති බවයි. කාලීන පුවත්

vinivida.lk