Vetted by NeuralPress's Multi-Agent Verifier for strict factual validity and event relevance. Our compliance engine cross-checks and filters search results to ensure zero false correlations or misleading content.
Primary Sources
විවිධ පුද්ගලයින් ඝාතනය කළ පිල්ලෙයාන්ගේ ආයුධ ගබඩාව
එකල පැවති දේශපාලන වාතාවරණය මත ආරක්ෂක අමාත්‍යාංශය විසින් සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට ගිනිඅවි 399ක් ලබාදී තිබෙන බව (02) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය විය. ඒ අනුව එකල ආරක්ෂක අමාත්‍යාංශය විසින් සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ පාර්ශ්වයට T56 ගිනිඅවි 362ක්, 9mm වර්ගයේ ගිනිඅවි 36ක් සයි මයික්‍රෝ වර්ගයේ එක් ගිනිඅවියක් නිකුත් කර ඇත. කෙසේ වෙතත් එම ගිනිඅවි සියල්ල නැවත ආරක්ෂක අමාත්‍යාංශයට ලබාදී නොමැති බව, එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් සඳහන් කරයි. පිල්ලෙයාන් සෙවනපිටිය ප්‍රදේශයේ වධකාගාරයක් පවත්වාගෙන ගොස් තිබෙන බවත් එම ස්ථානයට සිවිල් පුද්ගලයින්, ව්‍යාපාරිකයන්, රාජ්‍ය සේවකයින්, පොලිස් නිලධාරීන් ගෙනගොස් දරුණු වධහිංසාවට ලක්කිරීම්, කප්පම් ගැනීම් සහ ඝාතනය කිරීම් සිදුකර තිබෙන බවද අනාවරණය වී ඇත.
ගාල්ලේ නිවසක ද්විත්ව ඝාතනයක්
ගාල්ල තෙලිකඩ පොලිස් වසමේ මාවඩවිල අක්කර 13 ප්‍රදේශයේදී අද (03) උදෑසන එකම පවුලේ තිදෙනෙකුට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී තිබේ. පොලීසිය පැවසුවේ අද උදෑසන 6ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර පහරදීමෙන් තුවාල ලැබූ පිරිස් රෝහල් ගත කිරීමට පියවර ගත් නමුත් එහිදී දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවය. පහරදීමෙන් මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම පවුලේ මිත්තණිය සහ ඇගේ මිණිපිරියගේ ස්වාමිපුරුෂයා වේ. පහරදීමෙන් තුවාල ලබා රෝහල් ගතව මේ වන විට ප්‍රතිකාර ලබනුයේ මිත්තණියගේ දියණිය වන අතර ඇයගේ එක් අතක් සිරුරෙන් වෙන්ව ඇතැයිද ඇය මේ වන විට කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් පොලීසිය පැවසීය. පහරදීමට සම්බන්ධ සැකකරු තෙලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මියගිය තැනැත්තියගේ අනෙක් දියණියගේ සැමියා බවත් එම දියණිය මේ වන විට ඉතාලියේ රැකියාක් නිරත වන බවත් පොලීසිය සඳහන් කළේය. සැකකරු 35 හැවිරිදි උණවටුන දලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුද වන අතර ඔහු හිටපු හමුදා සෙබළෙකු බවද පොලීසිය අනාවරණය කරගෙන ඇත. පොලීසිය පැවසුවේ පවුල් ආරවුලක් මුල් කරගනිමින් මෙම ඝාතනය සැකකරු විසින් සිදුකර ඇති බවය. සිද්ධිය සම්බන්ධව ඇල්පිටිය කොට්ඨාස අපරාධ පරීක්ෂණ අංශයේ නිලධාරීන් ස්ථානීය පරීක්ෂණය සිදුකර ඇති අතර තෙලිකඩ පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හර්ෂද සිල්වා මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති එම්.පී.ජී සරච්චන්ද්‍ර මහතා විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Hiru News Official Web Site - Most visited website in Sri Lanka - Sri ...
Live Cricket Widget. Embed this easy to use live cricket widget in your website. Live Cricket Score updates and scores from crictimes.org.
ගාල්ලේ නිවසක ද්විත්ව ඝාතනයක්: සැකකරු අත්අඩංගුවට - Lankadeepa Online
Lankadeepa.lk Sri Lanka First Sinhala breaking news website updates 24 Hours, Sinhala hot News Headlines & World News Online Live news, latest Sinhala news videos., Kelimadala sports, cartoon. SL Politics' latest updates, Middlest Lankadeepa 24/7 updates.



