Vetted by NeuralPress's Multi-Agent Verifier for strict factual validity and event relevance. Our compliance engine cross-checks and filters search results to ensure zero false correlations or misleading content.
Primary Sources
ඇමරිකානු ගුවන් නියමුවා බේරාගත් බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය බොරු - ඉරානය කියයි
ඉරානය විසින් ඇමරිකානු F-15E ප්‍රහාරක යානයක් වෙඩිතබා බිම හෙළීමෙන් පසු අතුරුදන්ව සිටි තම නියමුවා මුදාගත් බවට, ඇමරිකානු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය අසත්‍ය බව ඉරානය පවසනවා. ඉරානයේ අල්-අන්බියා මධ්‍යම මූලස්ථානයේ ප්‍රකාශකයා එම මෙහෙයුම අසාර්ථක වූ මෙහෙයුමක් ලෙස විස්තර කර තිබෙනවා. සර්වබලධාරී දෙවියන්ගේ ආශිර්වාදය සහ දිව්‍ය උපකාරය මෙන්ම ඉරාන හමුදාවන්ගේ කාලෝචිත ක්‍රියාමාර්ග සහ ඒකාබද්ධ මෙහෙයුම් නිසා බිම වැටුණු ප්‍රහාරක නියමුවා බේරාගැනීමට සතුරා දැරූ මංමුලා සහගත උත්සාහයන් අසාර්ථක වූ බවයි ඔහු පවසා ඇත්තේ. මේ අතර ඉරාන රාජ්‍ය රූපවාහිනිය මෙම සිද්ධිය මධ්‍යම ඉරානයේ ටබාස් හි 1980 දී අසාර්ථක වූ එක්සත් ජනපද ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීමේ මෙහෙයුම වන ඔපරේෂන් ඊගල් ක්ලෝ මෙහෙයුමට සමාන කළා. ඉරාන ප්‍රහාරයකින් විනාශ වූ ඇමරිකානු F-15E ප්‍රහාරක යානයේ සිටි නියමුවන් දෙදෙනාගෙන් අතුරුදන් වූ නියමුවා ඇමරිකානු හමුදා සිදුකළ විශිෂ්ඨ මෙහෙයුමකින් සොයාගත් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෘෘත් ගිණුමේ සටහනක් තබමින් පැවසුවා. මේ අතර ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසන්නේ බිම හෙළන ලද එක්සත් ජනපද F-15E ප්‍රහාරක ජෙට් යානයෙන් පසුව සිදු වූ එක්සත් ජනපද ගලවා ගැනීමේ මෙහෙයුමේ දී එක්සත් ජනපද C-130 හමුදා ප්‍රවාහන ගුවන් යානා දෙකක් සහ බ්ලැක් හෝක් හෙලිකොප්ටර් දෙකක් විනාශ වූ බවයි. ඔබේ ප්‍රතිචාරය කුමක්ද ? +1 4 +1 1 +1 9 +1 2 +1 0 +1 0 +1 3
ඇමරිකාව ප්‍රහාර දැඩි කළොත් ඊළඟ ඉලක්කය බාබ් අල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය ...
ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායල ප්‍රහාර තවදුරටත් උත්සන්න වුවහොත් ගෝලීය බලශක්ති මාර්ග සම්බන්ධයෙන් දරුණු තීරණයකට එළඹෙන බව ඉරානය අනතුරු අඟවනවා. ඒ, අනුව ඉරානය පවසන්නේ ඇමරිකා සහ ඊශ්‍රායලය ප්‍රහාර තවදුරටත් තීවෘ කළ හොත් හෝර්මුස් සමුද්‍ර සන්ධියෙන් ඔබ්බට ඇති නැව් මාර්ග ද අවදානමට ලක්විය හැකි බවයි අනතුරු අඟවා ඇත්තේ. ඉරානයේ උත්තරීතර නායක මොජ්ටාබා කමේනිගේ උපදේශක අලි අක්බර් වේලායාටි පැවසුවේ, එක් රටක එක් වැරදි පියවරක් ගෝලීය බලශක්ති ප්‍රවාහයන් සහ ජාත්‍යන්තර වෙළඳාමට දැඩි ලෙස බාධා කළ හැකි බවයි. බාබ් අල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය, හෝර්මුස් සමුද්‍ර සන්ධිය තරම්ම උපායමාර්ගික ලෙස සලකන බවයි ඔහු පැවසුවේ. යේමනයේ වෙරළට ඔබ්බෙන් පිහිටි බාබ් අල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය, රතු මුහුද ඒඩන් බොක්ක සහ අරාබි මුහුද සමඟ සම්බන්ධ කරන අතර, සූවස් ඇළ දෙසට යන නැව්ගත කිරීම සඳහා තීරණාත්මක ස්ථානයක් වී තිබෙනවා. ටෙහෙරානය සමඟ සම්බන්ධ වී සිටින යේමනයේ හවුතිවරු, ඉරානය සමඟ සහයෝගීතාවයෙන් බාබ් අල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධියට පහර දීමට සූදානම් බව මීට පෙර අනතුරු අඟවා තිබුණා. මේ අතර ඉරානයේ ඉතිහාසයෙන් එක්සත් ජනපදය යම් යම් පාඩම් ඉගෙන ගෙන ඇතත්, එම පාඩම් තවමත් තේරුම් ගෙන නොමැති බවයි මොජ්ටාබා කමේනිගේ උපදේශක වේලායාටි වැඩිදුරටත් පැවසුවේ. ඔබේ ප්‍රතිචාරය කුමක්ද ? +1 6 +1 2 +1 16 +1 1 +1 5 +1 2 +1 1
ට්‍රම්ප් අසරණවෙලා ඉරාන හමුදාව කියයි - Divaina | Breaking Sri Lanka News ...
2011 දී ඇමරිකානු සීල් භටයින් ඔසාමා බින් ලාඩන් මරා දැමීමෙන් පසු ජනාධිපති ඔබාමා ප්‍රකාශ කළ ආකාරයට මේ මෙහෙයුම අවසානයේ ට්‍රම්ප් සිය සමාජ ...
එයාව බේරා ගත්තා ! - Lankadeepa Online
Lankadeepa.lk Sri Lanka First Sinhala breaking news website updates 24 Hours, Sinhala hot News Headlines & World News Online Live news, latest Sinhala news videos., Kelimadala sports, cartoon. SL Politics' latest updates, Middlest Lankadeepa 24/7 updates.

