NeuralPress

NeuralPress AI Verified Insights

Vetted by NeuralPress's Multi-Agent Verifier for strict factual validity and event relevance. Our compliance engine cross-checks and filters search results to ensure zero false correlations or misleading content.

Primary Sources

newstube.lk
බලශක්ති අර්බුදය හමුවේ රාජ්‍ය වියදම් සීමා කිරීමට රජයෙන් දැඩි පියවර

බලශක්ති අර්බුදය හමුවේ රාජ්‍ය වියදම් සීමා කිරීමට රජයෙන් දැඩි පියවර බලශක්ති අර්බුදය හමුවේ රාජ්‍ය වියදම් සීමා කිරීමට රජයෙන් දැඩි පියවර ගෙන ඇති අතර ඉන්ධන දීමනා ද මාර්තු 1 මිලට ස්ථාවර කරමින් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ගේ අත්සනින් යුතුව අද (02) නවතම උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම් අවම කරගැනීම සඳහා රාජ්‍ය වියදම් දැඩි ලෙස කළමනාකරණය කිරීමට රජය තීරණය කර ඇත. භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ගේ අත්සනින් යුතුව අද (02) නිකුත් කර ඇති නවතම උපදෙස් මාලාවකට අනුව, පවතින රාජ්‍ය මූල්‍ය සීමාවන් තුළ අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යෑම තහවුරු කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත. මේ යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන සංශෝධන කිහිපයක් පිළිබඳව භාණ්ඩාගාරය කරුණු අනාවරණය කර ඇත. අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු කණ්ඩායම් සඳහා හිමිවන ඉන්ධන දීමනාව, 2026 මාර්තු මස 01 වන දින පැවති ඉන්ධන මිල පදනම් කරගනිමින් ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. නැවත දැනුම් දෙන තුරු මෙම දීමනාවල කිසිදු වෙනසක් සිදු නොවන බව ද අවධාරණය කර ඇත. ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇති පසුබිමක, බලශක්ති පිරිමැසීමේ අරමුණින් සෑම බදාදා දිනයක් ම රජයේ කාර්යාල නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ඉන්ධන ප්‍රමාණය හෝ මිල පදනම් කරගනිමින් ගෙවනු ලබන වෙනත් ඕනෑම දීමනාවක් සඳහා ද 2026-03-01 දින පැවති මිල ගණන් පදනම් කරගත යුතු බවට උපදෙස් දී ඇත. දැනටමත් නිකුත් කර ඇති චක්‍රලේඛ සහ උපදෙස් මාලා මගින් හිමිකම් ලබා දී ඇති ඉන්ධන ප්‍රමාණ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ද මෙම නව තීරණ අදාළ කරගත යුතු බව භාණ්ඩාගාර ලේකම්වරයා වැඩිදුරටත් දැනුම් දී සිටී. ජේ.මුණසිංහ

newstube.lk
lankacnews.com
පෙට‍්‍රල්, ඩීසල් පාඩුව රජයෙන් තෙල් සමාගම් වෙත ගෙවයි...

මැද පෙරදිග කලාපයේ ඇති වී ඇති යුධමය තත්ත්වය හේතුවෙන් සිදු වන බාහිර කම්පන මඟින් මහජනතාවගේ එදිනෙදා ජීවිතයට මෙන්ම සමස්ත ආර්ථිකයට ඇති වන බලපෑම විධිමත්ව කළමනාකරණය කර ගැනීම පිණිස රජය විසින් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටී. ඒ යටතේ මහජනතාව වැඩි වශයෙන් භාවිත කරනු ලබන ඔක්ටේන් පෙට්‍රල් සහ පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරනු ලබන ඔටෝ ඩීසල් මිල ගණන් ඉහළ යාම පාලනය කිරීම සඳහා රජයේ මැදිහත්වීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, 2026-03-22 දින සිට 92 ඔක්ටේන් පෙට්‍රල් හා ඔටෝ ඩීසල්වල ප්‍රකාශිත විකුණුම් මිලට වඩා ආනයනික මිල වැඩි නම්, 92 ඔක්ටේන් කාණ්ඩයේ ඉන්ධන ලීටරයක් සඳහා රුපියල් 20/- ක් දක්වා සහ ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100/- ක් දක්වා ඉන්ධන ආනයනික සැපයුම්කරුවන් වෙතගෙවීම මඟින් ඉන්ධන මිල ඉහළ යාම පාලනය කරමින් මහජනතාව වෙත සහන සැලසීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

lankacnews.com
thecolomboexpress.com
ඉන්ධන මිලට රජයෙන් සහනයක් - The Colombo Express

ඒ යටතේ මහජනතාව වැඩි වශයෙන් භාවිත කරනු ලබන ඔක්ටේන් පෙට්‍රල් සහ පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරනු ලබන ඔටෝ ඩීසල් මිල ගණන් ඉහළ යාම පාලනය ...

thecolomboexpress.com
ada.lk
ඉන්ධන මිලට රජයෙන් සහනයක් || ADA Online

මේ අනුව මහජනතාව වැඩි වශයෙන් භාවිත කරනු ලබන ඔක්ටේන් පෙට්‍රල් සහ පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරනු ලබන ඔටෝ ඩීසල් මිල ගණන් ඉහළ යාම පාලනය කිරීම සඳහා රජයේ ...

ada.lk