NeuralPress

NeuralPress AI Verified Insights

Vetted by NeuralPress's Multi-Agent Verifier for strict factual validity and event relevance. Our compliance engine cross-checks and filters search results to ensure zero false correlations or misleading content.

Artemis II Mission Timeline

Key phases of the Artemis II mission

Primary Sources

sinhala.adaderana.lk
සඳ වෙත යන ගගනගාමීන් ලබාගත් පෘථිවියේ ඡායාරූපය

Artemis II හි ගගනගාමීන් විසින් ලබාගත් පෘථිවියේ පළමු ඡායාරූප පෙළ නාසා ආයතනය අද (03) නිල වශයෙන් මුදාහැර තිබේ. නාසා ආයතනය සිය X ගිණුම ඔස්සේ "ඒ අපි!" යන ශීර්ෂ පාඨය සමඟ එම ඡායාරූපය පළ කර ඇත. 1972න් පසු සද වෙත ගමන් ගන්නා ඔරායන් අභ්‍යාවකාශ යානය සිය මෙහෙයුමේ පළමු දින පෘථිවි කක්ෂයේ රැඳී සිටියේ ජීවිත ආධාරක පද්ධති, වායු පද්ධති ඇතුළු යානයේ ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීමටය. කෙසේවෙතත් යානය අභ්‍යවකාශගත වී පැය කිහිපයකට පසු එහි වැසිකිළි පද්ධතියේ ගැටළුවක් මතුව තිබුණි. පාලක මැදිරියේ ද සහය ඇතිව එම ගැටළුව නිරාකරණය කරගත් ඔවුන් අනතුරුව පෘථිවි කක්ෂයෙන් ඉවත්වී සඳ වෙතට යන දිශානතියකට එළැඹුණි. නාසා ආයතනය නිවේදනය කළේ ගගනගාමීන් සිව්දෙනාම නිරෝගීව සිටින අතර යානය ද හොඳින් ක්‍රියා කරන බවය. යානයේ ගමන් කරන ගගනගාමීන් සිය පළමු දින අවසානයේ අත්දැකීම් හුවමාරු කරගැනීමට වීඩියෝ ඇමතුමක් මඟින් නාසා ආයතනය හා සම්බන්ධ විය. ඒ අනුව තවත් දින 4කට නොඅඩු කාලයකින් යානය චන්ද්‍රයා ආසන්නයට ගමන් කරනු ඇත. — NASA Earth (@NASAEarth) April 3, 2026

sinhala.adaderana.lk
ttvnews.lk
වසර 50කට පසු යළිත් හඳට යන ගමන අරඹමින් නාසා ආයතනයේ

අඩ සියවසකට අධික කාලයකට පසු මිනිසුන් සහිතව සඳ වටා ගමන් කිරීමේ ඓතිහාසික මෙහෙයුම අරඹමින් නාසා ආයතනයේ ‘ආටෙමිස් 2’ (Artemis II) අභ්‍යවකාශ යානය ඊයේ (01) සාර්ථකව ගුවන්ගත විය. ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කෙරුණු මෙම දැවැන්ත රොකට්ටුව මඟින් ඇමරිකානු ගගනගාමීන් තිදෙනෙකු සහ කැනේඩියානු ගගනගාමියෙකු සඳ බලා රැගෙන යනු ලබයි. වසර ගණනාවක ප්‍රමාදයකින් සහ දැවැන්ත පිරිවැයකින් පසු සාක්ෂාත් කරගත් මෙම ජයග්‍රහණය මුළු මහත් මානව සංහතියේම ජයග්‍රහණයක් බව ගගනගාමීන් ප්‍රකාශ කර සිටියහ. මෙම දස දින මෙහෙයුමේදී ගගනගාමීන් සඳ මත ගොඩබැසීමක් සිදු නොකරන අතර සඳ වටා පියාසර කරමින් නව රොකට්ටුවේ සහ යානයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමට නියමිතය. මෙම මෙහෙයුම විශේෂ වන්නේ ප්‍රථම වරට කාන්තාවක්, කළු ජාතිකයෙක් සහ ඇමරිකානු නොවන අයෙකු සඳ බලා යන මෙහෙයුමකට එක් කර ඇති බැවිනි. එමෙන්ම මීට පෙර කිසිදු මිනිසෙකු ගමන් නොකළ තරම් ඈත අභ්‍යවකාශයට මෙම කණ්ඩායම ගමන් කිරීමට නියමිතව තිබේ. මෙය 2028 වසරේදී සිදු කිරීමට සැලසුම් කර ඇති සඳ මත මිනිසුන් ගොඩබැස්වීමේ මෙහෙයුමට පියවරක් ලෙස සැලකේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ද මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය සුබපැතුම් එක් කර ඇති අතර අභ්‍යවකාශය තුළ ඇමරිකාවේ ආධිපත්‍යය යළිත් තහවුරු වී ඇති බව ඔහු පවසයි. මැදපෙරදිග යුදමය වාතාවරණයක් පවතින පසුබිමක වුවද, ඇමරිකාව මෙම අභ්‍යවකාශ මෙහෙයුම ජයග්‍රාහී ලෙස දියත් කිරීම ලෝකයේම අවධානයට ලක්ව ඇත. ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙම ඓතිහාසික ගුවන්ගත වීම සජීවීව නරඹමින් සිය ප්‍රීතිය පළ කර තිබේ. Post Views: 19

ttvnews.lk
aruna.lk
ලෝකයේම අවදානය දිනා ගනිමින් Artemis II යානය සාර්ථකව ගමන් අරඹයි

වසර 53කට පසුව සඳ ගවේෂණ චාරිකාවක් සඳහා ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් "Artemis II " යානය සාර්ථකව ගමන් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා වේලාවෙන් අද (02) අලුයම 4.00ට පමණ මෙම යානය ...

aruna.lk
ttvnews.lk
පෘථිවි කක්ෂයෙන් මිදී සඳ බලා යන Artemis II මෙහෙයුමේ තීරණාත්මක එන්ජින් ...

නාසා (NASA) ආයතනයේ Artemis II මෙහෙයුමට එක්ව සිටින ගගනගාමීන් පෘථිවි කක්ෂයෙන් මිදී සඳ වෙත ගමන් කිරීම සඳහා අවශ් ය තීරණාත්මක එන්ජින් පණගැන්වීමේ (Translunar Injection burn) අදියර ...

ttvnews.lk