Vetted by NeuralPress's Multi-Agent Verifier for strict factual validity and event relevance. Our compliance engine cross-checks and filters search results to ensure zero false correlations or misleading content.
Primary Sources
සද ගමණින් පැයකට පසු ට්‍රම්ප් ජාතිය ඇමතයි.ඉරානය 'ගල් යුගයට'ගෙනින බවත් ...
Post Views: 2 නාසා ආයතනයේ ‘ආටිමිස් 2’ මෙහෙයුම සාර්ථක ආරම්භයක් ලබා ගැනීමෙන් පසු පැයක් ගත වෙද්දී (ඇමෙරිකාවේ වේලාවෙන් රාත්‍රී 9.05 ට පමණ) ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය ඇමතුවේය. ‘ආටිමිස් 2’ චන්ද්‍ර මෙහෙයුමේ සාර්ථකත්වය ගැන ආඩම්බර වෙමින්, ට්‍රම්ප් එම ඓතිහාසික ගගන මෙහෙයුමට සම්බන්ධ වුණු නාසා ගගනගාමීන් තිදෙනාටත්, කැනඩා අභ්‍යවකාශ ආයතනයේ ගගනගාමියාටත් සුබ පැතුවේය. දිවි පරදුවට තබා එම චන්ද්‍ර මෙහෙයුමට එක් වුණු ගගනගාමීන් සිවුදෙනා වීරයන් බව ට්‍රම්ප් පෙන්වා දුන්නේය. ඉන්පසු ට්‍රම්ප් ඇමෙරිකා ඉරාන යුද්ධය ගැන කතා කළේය. ඇමෙරිකාව ඉරානයට පහර දෙමින් යුද්ධය ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 28 වැනිදාය. යුද්ධය ආරම්භ වීමෙන් පසු ට්‍රම්ප්, විටින් විට නොයෙක් නොයෙක් පරස්පර විරෝධී ප්‍රකාශ කළත්, ට්‍රම්ප් ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ඇමෙරිකානුවන් අමතමින් සජීවීව ප්‍රකාශයක් කළ පළමු අවස්ථාව මෙය විය. ට්‍රම්ප්ගේ කතාව පහත දැක්වෙයි. ‘මා ආදරණීය ඇමරිකානුවනි, සුබ සැන්දෑවක්. ආටෙමිස් 2 මෙහෙයුම සාර්ථකව ආරම්භ කිරීම සම්බන්ධයෙන් නාසා ආයතනයට සහ අපගේ නිර්භීත ගගනගාමීන්ට සුබ පතමින් මා මගේ කතාව ආරම්භ කරනවා. මිනිසුන් රැගත් චන්ද්‍ර යානයක් සඳ වෙත ගොස් සඳ වටා කැරැකී ආපසු පෘථිවියට එනවා. මෙය මීට පෙර කිසිදා සිදු නොවූ විස්මිත දෙයක්. එම ගගනගාමීන් සිව්දෙනාට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවි යැයි මා ප්‍රාර්ථනා කරනවා. අප මේ මොහොත වෙද්දී, ලොව අංක එකේ ත්‍රස්තවාදී රාජ්‍යය වන ඉරානය ඉලක්ක කර ගනිමින් එක්සත් ජනපද හමුදාව ආරම්භ කළ ඔපරේෂන් එපික් ෆියුරි මෙහෙයුමට මාසයක් ගතවී තිබෙනවා. ගතවූ සති හතර තුළ අපගේ සන්නද්ධ හමුදා යුධ පිටියේදී අතිවිශාල ජයග්‍රහණ ලබාගත්තා. අද වන විට ඉරාන නාවික හමුදාව විනාශ වී අවසන්. ඔවුන්ගේ ගුවන් හමුදාව සුන්බුන් බවට පත්ව තිබෙනවා. ඔවුන්ගේ බොහෝ නායකයන් සහ ‘ත්‍රස්තවාදී පාලන තන්ත්‍රය’ මියගොස් අවසන්. ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ පාලන මධ්‍යස්ථාන මේ වන විටත් විනාශ වෙමින් පවතිනවා. යුද ඉතිහාසය තුළ සති කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ සතුරෙකු මෙතරම් විනාශකාරී පසුබෑමකට ලක්වූ අවස්ථාවක් තවත් නැහැ. අප සතුරන් පරාජය වෙමින් සිටින අතර, මගේ ජනාධිපති ධුරය යටතේ පසුගිය වසර පහ පුරාම ඇමෙරිකාව ජයග්‍රහණය කළා සේම, දැන් පෙරටත් වඩා විශාල ලෙස ජයග්‍රහණය කරමින් සිටිනවා. වෙනිසියුලාව ඉතා කෙටි කාලයකදී පාලනය කිරීමට අපගේ හමුදා කළ විශිෂ්ට කාර්යයට මා ස්තූතිවන්ත වෙනවා. එය ලොව පුරා ගෞරවයට පාත්‍ර වූ ඉතා වේගවත් හා බලවත් ප්‍රහාරයක්. මගේ පළමු ධුර කාලය තුළ අපගේ හමුදාව ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු, අද අප සතුව ලොව බලවත්ම හමුදාව තිබෙනවා. දැන් අපි වෙනිසියුලාව සමඟ එක්ව දැවැන්ත තෙල් හා ගෑස් නිෂ්පාදනයක් සිදු කරනවා. දැන් අප මැදපෙරදිග තෙල් මත යැපෙන්නේ නැහැ, නමුත් අපගේ මිත්‍ර පාර්ශවයන්ට උදවු කිරීමට අප සැමවිටම එහි රැඳී සිටිනවා. ඉරානයට කිසිදා න්‍යෂ්ටික අවියක් තබා ගැනීමට ඉඩ නොදෙන බවට මා 2015 දී මැතිවරණ රැලිවලදී පොරොන්දු වුණා. වසර 47ක් තිස්සේ ඔවුන් ‘ඇමරිකාවට මරණය, ඊශ්‍රායලයට මරණය’ ...
සඳ වටා යන චාරිකාව...
සඳ වටා යන චාරිකාව... April 2, 2026 08:56 am වසර 53කට පසුව සද ගවේෂණ චාරිකාවක් සඳහා ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් “Artemis II “ යානය සාර්ථකව ගමන් ආරම්භ කර තිබේ.
ලෝකයේම අවදානය දිනා ගනිමින් Artemis II යානය සාර්ථකව ගමන් අරඹයි
වසර 53කට පසුව සඳ ගවේෂණ චාරිකාවක් සඳහා ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් "Artemis II " යානය සාර්ථකව ගමන් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා වේලාවෙන් අද (02) අලුයම 4.00ට පමණ මෙම යානය ...
ට්‍රම්ප් ජාතිය අමතයි - Lankadeepa Online
Lankadeepa.lk Sri Lanka First Sinhala breaking news website updates 24 Hours, Sinhala hot News Headlines & World News Online Live news, latest Sinhala news videos., Kelimadala sports, cartoon. SL Politics' latest updates, Middlest Lankadeepa 24/7 updates.

